Skip to main content

Posts

සේරම බලන්න මෙතනින් යන්න

අපේ පරිවර්තන

Recent posts

පරිච්ඡේදය 92

  ෂුඒ යං ගෙ ළමාකාලේ කොච්චර අමිහිරි ද.. කවුරුත් උපතින් අපරාධකාරයෙක් වෙන්නේ නෑ. වටපිටා එක්ක ඒ මනුස්සයා ටිකෙන් ටික ලෝකෙට බිහිවෙනවා...

පරිච්ඡේදය 91

  කාලෙකින් ආවා ඉතිං  ❤

එකසිය දහඅටවන පරිජේදය : අතීත සබඳතා

ෂ්‍යාඕ චීයේ යම් කිසි විදිහකින් වරදක් තිබෙන බව දැනේයැයි බිය වූ කො ලින් නොක්කාඩු කීමට තරම් නිර්භීත වූයේ නැත. සිය දහදිය පිසදාගත් ඔහු සිය තේ පැන් කෝප්පය කොල ගා එය සගවාගන්න උත්සහ කලත්, එයින් සිදු වූයේ එය තව තවත් දිග හැරීමය.  ඔහු හිස වනමින් පවසන්නට විය, “වංශාධිපතිතුමා ආයෙමත් ලීබෙයි වලට ගිහින් බ්‍යැන්ෂා ගෝත්‍ර එක්ක සටන් කරනවා, ඉතිං සීජෞ වලට තවදුරටත් රාජකීය හමුදාවට කරදර කරන්න බැහැ. ඒ විතරක් නෙමෙයි , උප හමුදාපතිතුමා මෙහෙ ඉන්න නිසා , ලෙයි ජිංෂ ආපහු ආවත් ඔහුට කිසිවක් අරගන්න ලැබෙන්නේ නැහැ.” මේ වතාවේදි නම්  ජෞ ගුයි තවමත් ඒ පිළිබඳ වටහාගෙන නොසිටියේ ය. ඔහු පවසන්නට විය.  “ හමුදාවක් විශාල දුරක් ගමන් කරන එකෙන් දුෂ්කරතා ඇති වෙන්න පුළුවන්.   සීජෞ පිහිටන්නේ ලීබෙයි වලට දකුණින්, ඒක නිසා ලීබෙයි වල ඉචක් ආපහු මෙහෙ පැමිණිම ගැන කරදර වෙන්න වුවමනා නැහැ. අනාගතයෙදි , වංශාධිපතිතුමාට අපෙන් පුයෝජනවත් යමක් තිබුනොත් , සීජෞ පුළුවන් උපරිමයෙන්ම උපකාර කරනවා. බන්ධනාගාරයේ අත්අඩංගුවට පත්වෙලා ඉන්න  කොල්ලකරුවන් සම්බන්ධයෙන්, ඔබතුමා කටයුුතු කරන්න කැමති මොන විදිහට ද?" “ඔවුන්ගෙන් කොල්ලකරුවන් කිහිපදෙනෙක් එක වතාවක ලුඕ කන්දේ ප්‍රධාන

අමතර පරිච්ඡේදය 2 | ඇදුරුතුමා ගේ සහ තාෂියන් ජුන් ගේ විවාහය

හිතුවය වඩා ඉක්මනින් ගේන්න පරක්කු වුනා ළමයි. ආහ් මේ extra වල අනිත් කතා නම් මෙහෙම එකිනෙක​ට සම්බන්ධ නැහැ. ඒවත් ඕනෙද? ඔහ් මම හිතාගෙන ඉන්නේ සුරා නිමන්ත්‍්‍රණයේ මංහුආ එක ගේන්න. ඔයාලා කැමති ද? 🖤💚 පෙර පරිිච්ජේදය | සියළුම පරිච්ඡේද

තුන්වන පරිච්ඡේදය | උනන්දුභාවය

කෝයි මත්ස්‍යයා ගැස්සී අවධි විය.   බදුන වසා තිබූ රෙදි ආවරණය ඉවත් කර තිබුණේ ය. ඌ වේගයෙන් එහි බිතු වලට එරෙහිව පිහිනා ගියේ නුහුරු නුපුරුදු දසුනක් සොයා ගන්නටයි. ආහ් යී මිදි ආහාරයට ගනිමින් සිය නිකට අතගා උඬගු ලෙස පවසන්නට වූයේ ය.“ඔන්න, ඉස්සරහා දිහා බලනවා. උඹ දන්නවද ඔය කොහෙද කියලා? මෝඩයා, මම ඔට්ටු තියනවා ඔහේ ඒ ගැන දන්නේ නැතුව ඇති කියලා.” ඔහු සිනහවූයෙ නපුරු ලෙස ය. “මේක නැගෙනහිර මුහුදු තීරයේ පුංචි පොකුණක්. ඒක හිතන්නත් බැරි තරම් ගැඹුරුයි , ඒවගේම භයානක මුහුදු සර්පයෙකුත් ඒකෙ ඇතුලේ හැංගිලා ඉන්නවා. ඌ වසර ගණනාවකින් මුකුත් ම කාලා නෑ. ඌට ඕනෙම දෙයක් කන්න පුළුවන් තරමට උී ඉන්නේ බඩගින්නේ. මනුස්සයෙක් ව වුනත්. මම උඹව ඒක ඇතුලට දැම්මොත් , ඌගේ තියුණු දත්වල පරතරයක හිඩැස පුරවන්නවත් උඹව ඇති වෙන එකක් නෑ! ” කෝයි මත්ස්‍යයා තමාගේම හැඩරඅව ගැන සිතා බැලූ අතර , තවමත් ඒ මුහුදු සර්පයාගේ දත් අතර හිඩැස් පුරවාලනුනට තමන් සෑහෙන බව හැගුණේ ය. නමුත් ඌ ඉපදි ඇත්තේ දත් අතර හිදැස් පුරවා දමන්නට නොවේ. එසේ කළ හැකි වූවද ඌට එවැන්නක් අවශ්‍ය නො​වුනේ ය. මේ නිසා, ඌ ආහ් යි දෙස හැගීම් පිරි මුහුණකින් යුතුව බලමින් ඌ අනාගතයේදී මනුෂ්‍ය

පරිච්ඡේදය 90