Skip to main content

නවවන පරිච්ඡේදය | වෙහෙස වීම(¡ කොටස)


(පෝර්ශ් දේ ජාවු)

"ආහ්...ම්ම්ම්ම්ම්හ්.."
මම අවදි වී පුරුදු පරිදි ඇගමැලි කඩන්නට යන විට මට දැනුනෙ සිරුර පුරාම සියුම් වේදනාවක් ඇදී යන බවකි.
මම සෙමින් දෑස් විවර කලෙ ගලා ආ ආලෝකයට දෑස හුරු කර ගැනීමටයි.
හිස එහා මෙහා කරකවමින් මම උත්සාහ කලෙ පෙර දින රාත්‍රියේ සිදුවූ දේ සිහියට නගා ගැනීමටයි.

'ඊයෙ රෑ මම කින් පස්සෙන් බාර් එකට ගියා...ඊට පස්සෙ කෙල්ලො වගයක් මට බොන්න දුන්නා....ඊටත් පස්සේ මිනිස්සු වගයක්...ඔහ් ශිට් කින්..මලහුත්ත්යි...ඌ හොදින්ද දන්නෑ?කින්ව මතකයට නැගුන සැනින් මගෙ දෑන් විවර විණි.

'උඹ මෙච්චර ගොනෙක් උනෙ කොහොමද පෝර්ශ් ?'

මම සිතෙහි වු බියත් සමග මටම ශාප කරන්නට පටන්ගත්තෙ මම දැනටමත් මුහුණලා සිටින්නෙ නුපුරුදු සිවිලිමක් දෙසට බව දැකීමත් සමගයි.
නමුත් මදක් වට්ට පිට බැලූ විට තේරුම් ගත්තෙ මම මෙතෙක් වෙලා වැතිර සිට ඇත්තෙ කින්ගෙ කාමරයේ ඔහුගෙ සෝෆාව මත බවයි.

"ශිට් "
මට එකවරම කියවුනෙ කින් දුටුවහොත් අනිවාර්යයෙන්ම ඔහු මාව මරා දමනු ඇත.

"ඔයා නැගිට්ටද "
පිටුපසින් ඇසුන සීතල හඩ සමග මගෙ සිරුර ගල්ගැසුනාක් මෙන් දැනෙන්නට විය.
කන පුරා බැනුම් ඇසීමට සූදානම්ව මම හඩ ආ දෙසට හිස සෙමින් හැරවුවද ඔහු ඉතා සන්සුන්ව මා දෙස බලා සිටියේය.

"මම....මේ..."
කීමටද කිසිවක් නැත.මෙවර නම් මම සිදු කලෙ සමාව දිය නොහැකි වරදක් සේම මට නිදහසට කීමට කිසිවකුත් ඉතිරිව  තිබුනෙ නැත.
ඇත්තටම ඒක සම්පූර්ණයෙන්ම මගෙ වරද.මම ඊයෙ බීලා මෝඩයෙක් වගෙ හැසිරුනෙ නැත්නම් මෙහෙම නොවෙන්න තිබුණා.

මට කින් දෙස බැලීමටවටත්  නොහැකි තරම් වරදකාරි හැගීමක් සිතෙහි කැකෑරෙන්නට විණි.

"දැන් නැගිටලා නාලා ලෑස්ති වෙන්න නැත්නම් දහයට තියෙන වැඩට යන්න පරක්කු වෙයි."

කින් ඉතා සන්සුන් ලෙස මා දෙස බලාගෙන කීවද මම ඔහු දෙස බැලීමට හිස ඔසවන විට ඔහු මා මගහැර ඔහුගෙ වැඩට අවදානය දුන්නේය.

මම ඉක්මනින් කින්ගෙ කාමරයෙ වු විශාල ඔරලෝසුව දෙස බලන විට එහි දැනටමත් නවය වි ඇති බව පෙනුනි.මම ඉක්මනින් නැගිට පිටතට යාමට සූදානම් වන විටයි මට තේරුම් ගියෙ මම ඇද සිටියේ යට කලිසම සහ බැනියම පමණක් බව.

"ඇයි මම මෙ බාගෙට හෙළුවෙන් ?"
මම මගෙන්ම අසාගත්තද එය සිතුවාටත් වඩා උස් හඩින් අසා තිබු අතර කින් පිලිතුරු දුන්නේය.

"ඔයා ඊයෙ රැ ඇදුම් ටික ගලෝලා දැම්මා "

කින් කියනවාත් සමග මම කාමරය පුරා ඇස් එහා මෙහා ගෙන ගිය විට දැක්කෙ මගෙ ඇදුම් කාමරය පුරා වැටි ඇති බවයි.මම ඉක්මනින් ගොස් ඒවා එකතු කර ගත්තෙමි.

'සිරාවටම..තමුසෙගෙම ඇදුම් ගලවගත්තද පෝර්ශ්..පිස්සු හුත්තෙක්නෙ..'

මම ඇදුම් අහුලන අතර කින් දෙස බැලුවෙමි.මේ ඇත්ත කින්මද?
මම ඊයෙ මෙච්චර විකාර කරල තියෙද්දි මට සද්දෙන් කතාකරේවත් නෑනෙ.දැන් මෙ සාමාන්‍ය විදියට කතාකරන්නෙ?
මෙ මම දන්න එකාමද ?
'මල හුත්තක්නෙ යකො මේක'

මම ඉක්මනින් ඇදුම් ඇද පිටවීමට සූදානම් වුවද හදිසියෙම කින් මාව නැවැත්තුවේය.

'"පොඩ්ඩක් ඉන්න."

"ඔයාගෙ නිළ ඇදුම් ඇදගෙන ලෑස්ති වෙන්න.අද අපිට හම්බවෙන්න අමුත්තො වගයක් ඉන්නවා ."

ඔහු සාමාන්‍ය පරිදි මෘදුව කීවේය.

"අ..ම්ම්....ඊයෙ රෑ..ඊයෙ රෑ මම..ඔයාට මගෙත් එක්ක කේන්ති නැද්ද ?"

කොන්ද දිගේ විදුලි සැරක් වැදුනාක් මෙන් මම ඇඹරෙමින් ඔහුව කියවීමට උත්සාහ කලද ඔහුගෙන් පිලිතුරක් වෙනුවට ලැබුණෙ තවත් ප්‍රශ්නයකි.

"ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ ?"

"මේකයි ඉතිං සාමාන්‍යයෙන් ඔයා අකමැති දෙයක් මම කරාම..."
කියන්නට ගිය දෙය අවසන් කිරීමටත් පෙර කින් නැවතත් කතාකරන්න විය.

"ඉතිං ඔයා මොනවද කරේ කියලා සිහියෙ ඇති නේද? මම හිතුවෙ ඔයා වගේ කෙනෙක්ට ඒ දේවල් දැනගන්නවත් ඕන නැති වෙයි කියලා."

ඔහු මා දෙස නොබලාම කියාගෙන ගියේය.සමහරවිට ඔහු කරන රාජකාරිය සදහා සම්පූර්ණ අවදානය දෙනවා විය හැක.
නමුත් කින් මෙලෙස දැකීම මට නව අත්දැකීමක් විය.
ඔහු වෙනදා  සාමාන්‍යයෙන් අදින ඇදුම වෙනුවට සුදු ටී ශර්ටයක් ඇද සිටියේය.
ඔහුව මෙලෙස දකින විට සිතෙන්නෙ එක් සාමාන්‍ය පුද්ගලයකු පමණක් බවයි.ඔහු නැවත හිස ඔසවා මා දෙස බලන විටත් මම ඔහු දෙස බලාගෙන කාර්‍යබහුලව සිටියෙමි.

"එහෙමත් නැත්නම් ඔයාට ඕන මම ඔයාට බනින්නද ?"
ඔහු ඇහිබැමි උස්සමින් සෙල්ලාක්කාර ලෙස ඇසුවේය.

"නැහැ ."
උත්තර දුන්න මම ඉතිං කාමරයෙන් පිටතට විත් කල්පනා කලේ කින් හොදින් කතාකරන සෑම විටම එය අමුතු ලෙස පෙනෙන්නෙ ඇයිද කියායි.
'සමහරවිට මම හිතනවා වැඩි ඇති.'

ඒ ගැන අමතක කර දොර වසා පහලට යාමට හැරෙන විටම හමුවුණෙ මූසල රුවකි.බිග්!

"තමුසෙ මොකද මෙච්චර උදෙන්ම මිස්ටර් කින්ගෙ කාමරේ කරන්නෙ ?"

හිස් මුදුනෙ සිට දෙපතුල දක්වාම විනිවිද යන බැල්මක් හෙලමින් ඔහු කෑගැසුවේය.

මම ඇදුම හදාගන්නා ගමන් තවත් අඩියක් ඒ අවජාතකයට ලං වන විට දැක්කෙ පෙර දාක ඔහුම පටන්ගත් ගැටුමේදි ඇතුවු තැලීම් ලකුණුයි.

"උත්තර දීපන් ."

ඔහු තරහින් කෑගැසුවේය.මම ඌව නෑසුනාක් මෙන් යාමට සැරසුනෙ නැවත ගැටලුවක් ඇති කර ගැනීමට කිසිදු උවමනාවක් නොතිබු බැවිනි.
ඔහු එකවරම මගෙ අතින් තදින් අල්ලා ගත්තේය.නමුත් මම අත ගසා දමමින් බිග් දෙස බැලුවෙ අතෑරියෙ නැතිනම් පෙර මෙන් දෙගුණයක් ගුටිකෑමට සිදු වන බවට අනතුරු ඇගවීමටයි.
එය තේරුම් ගත්තාක් මෙන් බිග් අත ඉවතට ගත්තේය.

මම කෙලින්ම මගෙ කාමරයට ගොස් මුහුණ සෝදා කණ්ණාඩිය දෙස බලා සිටියෙමි.
'මට ඇත්තටම කින්ගෙ කාමරෙදි මොකද වුණෙ කියලා කිසිම දෙයක් මතක නෑනෙ.ඇයි මම බාගෙට හෙළුවෙන් හිටියෙ ? එහෙම වෙලත් ඇයි කින් ඒ ගැන මොකුත් නොකිවෙ.'
වෙනදට මම සාමාන්‍ය විදියට ගියත් මගෙ දිහා බලන්නෙ තරහෙන්.ඒත් මේ පාර මොකද මෙහෙම ?'

'එයාට ඇත්තටම මගෙත් එක්ක කේන්ති නැද්ද ?'
ආහ්හ්හ්හ් මේක මාව පිස්සු වට්ටනවා...

මම සිතමින් සිටියෙ මට ෂවර් ක්‍රීම්, ෂැම්පො, ෆේස් වොෂ් වැනි දේවල් කීපයක් සහ අමතක ඇදුම් කීපයක් සූදානම් කර තබාගෙන සීටීම සුදුසු බවයි.මන්ද පෙරදින රැයෙ මෙන් වුවහොත් ඊට සූදානම්ව සිටිය යුතු බැවිනි.
නමුත් කුමක් වුවද මම චේ වෙනුවෙන් නැවත ගෙදරට යා යුතුය.

මම නාගෙන නැවතත් කින් කියූ පරිදි නිල ඇදුම් ඇන්දද මම සම්පූර්ණයෙන්ම ඒවාට වයිර කරන්නෙ ඒවා ඉතා හිර සහ හුස්ම ගැනීමට පවා ඉතා අපහසු බැවිනි.

'කියමනක් තියෙන්නේ යුද්දෙට යද්දි පහසු ඇදුමක් ඇදන් යන්න ඕන කියලා .මෙ මිනිස්සු කොහොම මේ ජරාව ඇදන් ඉන්නවද මන්දා '

එවිට වෙලාව උදෑසන දහය පමණ වූ අතර එකපාරටම මගෙ බඩ කෑගහන්නට විය.
'අහ් මට බඩගිනි .කොහෙන්ද දන්නෑ මෙහෙ මිනිස්සු කෑම ගන්නෙ ?'
මම කාමරයෙන් පිටතට පැමිණි ගමන් සොයන්නට ගත්තේ ආපන ශාලාව කොහේදැයි කියායි.
යන අතර කවුරුන් හෝ මගෙ ඇගේ වැදුනේය.
'ආ මේ පිට්නෙ.සාමාන්‍ය ඇදුමින් මොකද '
ඔහු වහාම සිනාසෙමින් ආචාර කලේය.

"හේයි පෝර්ශ් ඔයාට මොකද වුණෙ?"
ඔහු විහිලුවෙන් ඇසුවද මම ඊට ප්‍රතිචාර ලෙස රවා බලා සිටියෙමි.

"බඩගිනි "
"ඔයා අද උදේ  වැඩ මුරයද?"

මම පිලිතුරු ලෙස හිස වැනුවෙමි.

"ඔහොම කෙලින්ම ගියාම කෙලවරේම තියෙන්නේ   ස්ටාෆ් කැන්ටින් එක "

"තැන්ක්ස් මචන් "
"අද උඹට වැඩ නැද්ද ?"
"අද මම නිවාඩු.ආයෙ හම්බෙමුකො පෝර්ශ් .මම දැන් යන්නෝන."

බෑගය තදින් අල්ලාගෙන මට සමුදුන් ඔහු නිවසින් පිටව ගියේය.ඌ වේගෙන් දුවන් ගියේ කවුරුන් හෝ මගහැරිමට මෙනි.

"මොන මගුලක්ද "
මම මටම මුමුණගත්තෙමි.මම ආපනශාලාවට යන අතර අයෙක් විත් මට කතා කලේය.

"මිස්ටර් කින් කතාකරනවා."
'මොන හුත්තක්ද යකො.මෙච්චර ඉක්මනින්.මම තාම ආපනශාලාව දැක්කෙවත් නෑනෙ.'
මම සිතමින් ඌ දෙස බැලුවෙ මම ඇත්තටම කෑම කන්න ඕන නිසාවෙනි.
මම ඔරලෝසුව දෙස බැලු අතර එය තවමත් දහය වි නැතත් කින් දැනටමත් මට කතාකරන්න මිනිහෙක් එවා ඇත.

"ඉක්මනින් එනවා."
ඌ කැගසන්නට විය.

"ඒ උනත් වැඩට එන්න තව වෙලාව තියෙනවා ඊට කලින් මම මොනවාහරි කාල එන්නම්."
මම කිව්වද ඌ මට රවමින් නැවත කෑගහන්න විය.
"ප්‍රශ්න ඇති කරන එක නවත්තලා දැන්ම යනවා."

කෑගසමින් ඒ අවජාතකයා පිටව ගියේය.

මම කලකිරීමෙන් හිස් අවකාශයට පහර දුනිමි.ඌ 'මෙතන්ට ඇවිල්ලා කියෙව්වෙ නැත්නම් මම දැනටමත් කාලා.'
මම අතින් කෙස් අදිමින් ශාලාව දිගෙ ඉදිරියට ඇවිද ගියෙමි.කාමරය වෙත ගොස් දොර විවර කලද එහි කිසිවෙකුත් නොවීය.

"ඌ මට එන්න කිව්වට ඌ තාම ඇවිල්ලවත් නෑනෙ."
මම කලකිරීමෙන් මිමිනුවෙමි.මම කාමරය පුරා ඇස් යවා කැමට යමක් සොයන විට එකවරම දකින්නට ලැබුණේ කොල පැහැ ලාංඡනයක් සහිත රන් පැහැ ලියුම් කවරයක Mr.TK කැරමල් මැදි වු චොකලට් ලෙස සටහන් වූවකි.
එහි කාර්ටුන් චරිත කීපයක්ද පෙලට ඇද තිබුණි.
'මේ මොන විකාර නමක්ද ? ඒක නිකන් බාත් රූම් ක්ලීනර් එකක් වගේනෙ?.මොනව උනත් කමක් නැ මෙ වෙලාවෙ හැටියට ඒවා ගනන් ගන්නෙ කවුද ? බඩගින්නෙ හැටියට ඔහෙ කාල දානවා.'

ප්ලාස්ටික් කවරය ඉරා දමා චොකලට් කැබැල්ල මම කටට දමා ගතිමි.
'ඇත්තටම පෝසත් මිනිස්සු මෙ වගෙ රසටද කැමති ? මේක නම් මහ ජරාගොඩක්.ඇතුලෙ තියෙන කැරමල් එක ගලක වගෙ හයියයි.
කොහොමහරි මගෙ බඩ ටිකක් පිරුණනෙ.'

එයින් පහක් පමණ අවසන් කරන විට කින් වීදුරු  දොර ඇර ඇතුලට ආවේය.
'මේක බෙඩ් රූම් එකක්ද? මුලින්ම දුටු දවස පටන් එය මගෙ ඔලුව අවුල් කරන්නට විය.'
මම කින් දෙස බැලු අතර ඔහු ඇද සිටියේ වෙනදා මෙන්ම සුපුරුදු කමිසය සහ කළු කලිසමයි.

"මොකද්ද ඔයා කරන්නෙ?"
"අරකෙ තියෙන්නේ මොනවද?"

ඔහු පැමිණි කාමරය පෙන්වමින් මම ඇසුවද ඔහු එය මගහැරිමට මට වෙනත් වැඩක් පැවරුවේය.

"මේ ලියකියවිලි හොදට බලලා පිලිවෙලකට හදන්න.කලින් වගෙ වැරද්දක් නම් කරන්න එපා."

"ඒ වාර්තා ඔක්කොම තිබුණෙ ඉංග්‍රිසියෙන්.මම කොහොමද ඉතිං ඒවා දන්නෙ ?"

"මෝඩයා"
කඩදාසි මිටිය ගෙන සෝෆාව ඉදිරියේ මේසය මත තබමින් ඔහු මිමිණුවේය.

"තමුසෙ හරි දක්ෂයිනෙ."
මම හෙමින් මුමුණන අතර කඩදාසි දෙස බලද්දි ඒවා තිබෙන්නේ තායි භාශාවෙන් බව දකින විට නම් සිතට සහනයක් දැනුණි.

"ඇයි ඔයා මෙතන වාඩිවෙලා මේ ටික හරියට බලන්නෙ නැත්තෙ?"
සෝෆාවෙ වාඩිවෙන ලෙස අතින් සංඥා කරන අතර කින් කීවේය.

"කමක් නැද්ද ?"
මම සෝෆාව දෙස බලමින් ඇසුවෙ මීට පෙර අවසර නැතිව වාඩිවීමට ගොස් කන් පුරා අසාගෙන ඇති නිසාවෙනි.
"හ්ම්ම්ම්..ඔයා ඊයෙ රෑ නිදාගත්තෙ නැද්ද මෙතන ?"
ඔහුගෙ පුටුවෙ වාඩිවි කෝපි උගුරක් බොමින් කීවේය.
"ඔහ්"
මම ඇහිබැමි රැලි කරමින් කීවෙමි.මම සෝෆාවෙ වාඩිවුවද අපහසුතාවයක් දැනෙන්නට විණි.මගෙ කලිසම.
'මේ පකේ කලිසම මාර හිරයිනෙ.හිටගෙන ඉන්න වෙලාවට ලොකු අවුලක් නැතු උනත් වාඩි උනාම හැමිනෙනවනෙ ඉතිං.'
මම ඇඹරෙමින් අපහසුවෙන් වාඩිවුණෙමි.

"ඔයා හොදින්ද ?"
" මගෙ කලිසම ගොඩක් හිරයි.කවදද ඔයාල මට හරියට කලිසමක් දෙන්න හිතන් ඉන්නෙ?"

කින් කට කොනින් සිනාසෙමින් දිගටම කෝපි බොන්නට විය.
පී'චෑන් මගෙ මිනිම් වැරදියට ගන්න ඇතැයි සිතමින් මම බෙල්ට් එක බුරුල් කලෙ එය ගලවා දැමීමටයි.නමුත් ඊට පෙර මම කින් දෙස බැලුවෙ අවසර පැතීමටයි.

"ඒයි, මම මගෙ කලිසම ගලවන්නද ?"

මම සිතුවෙ අප දෙදෙනාම පිරිමින් වන නිසා ඔහු එය නොසලකා හරිනු ඇතැයි කියායි.ජොම්ගෙ නිවසෙ සිටින විට පවා මම නිවස පුරා ඇවිදින්නෙ යට කලිසමෙනි.

"මට කමක් නැ.අපි එලියට යන වෙලාවට ඇදගත්තම ඇති."
පරිගනකය දෙස බලාගෙනම ඔහු පිලිතුරු දුන්නේය.
'එහෙනම් ඔන්න ඔයාම තමයි කිව්වෙ.'

අවසර ලැබුනු සැනින් මම කලිසම ගලවා ඉවත් කලෙමි.ඔහු කීවෙ පිටතට යන විට පමණක් ඇද සිටිය යුතු බවක් නම් ඇතුලතදි මට අවශ්‍ය පරිදි සිටිය හැක.මම එකවරම දුටුවෙ කින් මා දෙස බලා සිටින බවකි.නමුත් එම බැල්මේ කේන්තියක් හෝ තරහක්වත් නොතිබුණි.ඔහු පුටුවෙ වාඩිවි වැඩ කරන අතර සැරින් සැරේ මා දෙස බලාසිටියේය.

මම මුලින්ම මෙතනට පැමිනි දිනට වඩා සැහැල්ලු බවක් දැනුණ අතර මට හැගුනෙ සමීප මිතුරෙකු සමග එකට සෙටින සේයි.අපි මිතුරන් නොවූවත් මට එතරම් සමීප බවක් හැගුණි.

"අද හවස අපිට කට්ටියක් හම්බවෙන්නෙ තියෙනවා.මේ ලියවිලි අරගෙන මගෙත් එක්ක එන්න."
කින් කී පසු මම හිස වැනුවෙමි.

"එයාලා කීයටද එන්නෙ.ඊට කලින් මම පහලට ගිහිල්ලා මොනවාහරි කාලා එන්නද?"
ඔරලෝසුව දෙස බැලූ ඔහු,

"මේ ලියවිලි ටික පිලිවෙලකට හැදුවම ආයෙ හවස මාව හම්බවුනා නම් ඇති."

එසේ කී පසු මම සම්පූර්ණ අවදානය ලියවිලි වෙත යොමුකලේ ඉක්මනින් මේවා සැකසුවහොත් ඉක්මනින් කෑමට යා හැකි නිසාවෙනි.කාලය කොතරම් ගෙවිගියද නොදැන මම ඒවා සැකසීම වෙහෙස වීමි.සකසා අවසානයෙදි මම කලිසම ඇදගෙන ඉක්මනින් පිටත් වුනෙ ආපනශාලාව වෙතයි.
යන ගමන අතර මම සිතුවෙ කින් මා සමග මෙලෙස හොදින් සිටීම තවමත් සිතාගැනීමට නොහැකි දෙයක් ලෙසයි.සාමාන්‍යයෙන් මම මෙවන් දෙයක් කලහොත් වෙනදා ඔහු මා වෙත කඩාපැන්නද අද එලෙස නොවේ.අද ඔහු ඉදිරියේ කලිසම ගලවා ඉවත් කලද එය සුදුසු නොවන බවක් මා දැන සිටියද ඔහු එය ගනන් ගත්තේ නැත.
අද මාව අමාරුවෙ නොදැමු එක ගැන කින්ට සිතින් ස්තූතී කරමින් මම ඔහු ගැන සිතීම නවතා දැමුවෙමි.

පිට් කියු පරිදි ආපනශාලාව වෙත එන විට මම මෙහි ආ පලමු දින දසුන එලෙසම අදත් දක්නට ලැබුණි.
එහි සිටි අවජාතකයන් මා දෙස බලා සිටි ලෙසම අප්‍රසන්න බැල්මක් මමද ඔවුන් වෙත හෙලුවෙමි.
කවුන්ටරය වෙත ගොස් පිගානක් ගෙන බත් බෙදාගත්තෙමි.එහි කෑම විශාල ප්‍රමාණයක් තිබුණද මම ඔම්ලට් එකක් පමණක් බෙදාගත්තෙ අනෙක් එලවළු සැරට සකසා ඇති සෙයක් පෙණුන බැවිනි.මන්ද මට සැර ජාති ආහාරයට ගත නොහැකිය.
කවුරුන් හෝ කතාකරන්න හඩ සමග මම මොනෝ ලෝකයෙන් මිදුනෙමි.

"ඕයි කොම්, උඹ මොකද ඔච්චර වෙලා කරන්නෙ.උඹ ඇත්තටම බත් කනවද නැත්නම් මගෙන් පයින් පාරක් කනවද?"
මම සිටගෙන සිටින අතර එකෙකු කීවේය.ඒ උගෙ මිතුරාට නොවන බව මම දනිමි.මම ආපසු හැරි බලන විටත් ඔවුන් සිනාසෙමින් මා දෙස බලා සිටියහ.

"ඉතිං උඹ අද මොනවද කන්න හිතන් ඉන්නෙ?"
උගේ මිතුරා මටත් ඇසෙන ලෙස උස් හඩින් කී අතර අනෙකා....
"ඔම්ලට්.හැබැයි කහමදේට වැඩිය විහිලු කරන්නෙපා.පුපුරලා එලියට එයි."

මම හැනද පිගානෙ පසෙකින් තබා බලාසිටියෙ උන්ගෙ කියවිල්ල නවතන තුරුයි.ඔවුන් නිහඩ වු පසු නැවත කෑමට පටන්ගත්තෙමි.
කියවිල්ල අවසන් යැයි සිතුවද නැවතත් එකෙකු කියවන්නට විය.

"යමු...යමු..තව බත් ටිකක් ගමු.."
"හොහ්..බත් ගැන කරදර වෙන්නෙපා.කාටදෝ වගෙ අපිට හදිස්සියක් නෑනෙ බන්."

අවසන් වැකිය බර කර කියනවත් සමග මම ඇහිබැම උස්සා ඌ දෙස බැලීමි.
'මේ පකයා අද නම් කන්න වගෙ ලෑස්තිය.'

"උඹ බල්ලෙක්ද ?"
මම පුටුවෙ හොදින් හේත්තු වෙන අතර හැන්ද පිගානෙ පසෙකින් තැබුවෙමි.


"මොකද්ද උඹ කිව්වෙ?"
මේසය තල්ලු කරමින් එ අවජාතකයා මා දෙසට කඩා පැන්නේය.
"ඔහ්..සමාවෙන්න .., උඹ හොදට බුරන නිසා මම හිතුවෙ බල්ලෙක්ද දන්නෑ කියලා."

මම කියා අවසන් කරනවත් සමගම අවජාතක මිතුරන්ද ඌ සමග සිටගන්නට විය.

"උඹට මගෙත් එක්ක මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවද?"
අවජාතකයා තර්ජිත ස්වරයෙන් කෑගැසු අතර ඌ තනිව මුනුණ නොදෙන නිසා ඕනෑවටත් වඩා විශ්වාසයකින් සොටියේය.

'හහ් උඹල හිතන් ඉන්නෙ මම උඹලට බය වෙයි කියලද..?හීන තමයි.'

"අහ් උඹ දන්නවද? මම හිතන්නෙ උඹ ඇත්තටම බල්ලෙක් තමයි. මොකද බල්ලො රංචු ගැහෙන්න කැමතීනෙ."

මම කෙලින්ම කියා දැම්මේ වතුර බී පිගාන නැවත තැබීමට යන අතරයි.
"තෝ  අවලමා"

ඌ මගෙ අති ඇද මගේ මුහුණට පහරක් ගැසුවේය.මම මදක් පසුපසට ගොස් උපරිම ශක්තිය යොදා ඌට පහරක් ගැසූ අතර මගෙ අත වු බත් පිගාන බිම වැටි බිදී විසිරිණි.මේස පුටු පවා අවුල් වි ගොස තිබිණි.
මම නැවතත් පහර දීමට සැරසුනද අනෙකුන් විත් මාව තදින් අල්ලා ගත් අතර මම උන් තල්ලු කිරීමට දැගලුවද එය අපහසු වූයේ උන්ගේ පිරිස වැඩි බැවිනි.
ඒ අතර එකෙකු නැවතත් මගෙ මුහුණට පහර දුන්නේය.
'මේ අවලම් හුත්තො නම් හරි අසාධාරණයි.'

"පෝර්ශ් "

මොහොතකට පෙර මගෙන් ගුටි කෑ අවජාතකයා විත් මට පහර දුන්නේය.හකු ඇටයට වැදුන පහරට මම පහතට නැවුණි.මාව අල්ලාගෙන සිටි වුන්ගේ අත් ගසා දමා අසුවන සියල්ලටම පහර දීමට පටන්ගත්තෙමි.

"නවත්තන්න ...නවත්තන්න .."


******************************

අම්නේ කලිසම ගැලෙව්වා 👉👈🙊





Comments

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-