ෂ්‍යාඕ චීයේ යම් කිසි විදිහකින් වරදක් තිබෙන බව දැනේයැයි බිය වූ කො ලින් නොක්කාඩු කීමට තරම් නිර්භීත වූයේ නැත. සිය දහදිය පිසදාගත් ඔහු සිය තේ පැන් කෝප්පය කොල ගා එය සගවාගන්න උත්සහ කලත්, එයින් සිදු වූයේ එය තව තවත් දිග හැරීමය. ඔහු හිස වනමින් පවසන්නට විය, “වංශාධිපතිතුමා ආයෙමත් ලීබෙයි වලට ගිහින් බ්‍යැන්ෂා ගෝත්‍ර එක්ක සටන් කරනවා, ඉතිං සීජෞ වලට තවදුරටත් රාජකීය හමුදාවට කරදර කරන්න බැහැ. ඒ විතරක් නෙමෙයි , උප හමුදාපතිතුමා මෙහෙ ඉන්න නිසා , ලෙයි ජිංෂ ආපහු ආවත් ඔහුට කිසිවක් අරගන්න ලැබෙන්නේ නැහැ.” මේ වතාවේදි නම් ජෞ ගුයි තවමත් ඒ පිළිබඳ වටහාගෙන නොසිටියේ ය. ඔහු පවසන්නට විය. “ හමුදාවක් විශාල දුරක් ගමන් කරන එකෙන් දුෂ්කරතා ඇති වෙන්න පුළුවන්. සීජෞ පිහිටන්නේ ලීබෙයි වලට දකුණින්, ඒක නිසා ලීබෙයි වල ඉචක් ආපහු මෙහෙ පැමිණිම ගැන කරදර වෙන්න වුවමනා නැහැ. අනාගතයෙදි , වංශාධිපතිතුමාට අපෙන් පුයෝජනවත් යමක් තිබුනොත් , සීජෞ පුළුවන් උපරිමයෙන්ම උපකාර කරනවා. බන්ධනාගාරයේ අත්අඩංගුවට පත්වෙලා ඉන්න කොල්ලකරුවන් සම්බන්ධයෙන්, ඔබතුමා කටයුුතු කරන්න කැමති මොන විදිහට ද?" “ඔවුන්ගෙන් කොල්ලකරුවන් කිහිපදෙනෙක් එක වතාවක ලුඕ කන්දේ ප්‍රධාන