Credit Goes To Respectfull Artist ෂ්‍යාඔ චීයේ හැද සිටි ලිහිල් පිටත වස්ත්‍රය අර්ධ වශයෙන් විවරව තිබුණු අතර ඔහුගේ ඇතුල් වස්ත්‍රයේ වසා නොතිබුණු ළය නිරාවරණය කරමිනි. ඔහු අසුන් ගනිද්දි , ආලෝකයෙන් වැඩි හරියක් ආවරණය විය. ඔහුගේ සිරුර තවමත් තෙත බරිතව තිබුණු අතර, ඔහුට පිරිසිදු අත් පිස්නාවකින් මුහුණ පිසදාගත් පසු මඳ සැහැල්ලුවක් දැනුණේ ය. ඉන්පසු ඔහු තෙවරක් සිය ඇගිල්ලෙන් බිමට තට්ටු කරන චෙං යැන්ට පවසන්නට විය. “කුමක් ද ගැටළුව? ඉඳගෙන කතා කතා කරන්න.” චෙන් යැං වහා සිය මුහුණ හස්තයෙන් පිසදාගෙන සෘජුව වාඩි වී පවසන්නට විය. “අපිට ලීබෙයි වලට යන අතරතුරේදි යම් යම් සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මම ස්වාමියාට ඒ ගැන වාර්තා කරනවා මට ඒ ගැන හිතුමතේ තීරණයක් ගන්න අපහසු නිසා.” ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්ගේ ආහාර කූරු අතට ගෙන චෙන් යැං ගේ පෙර සිදුවූ දෑහි මතකාවර්ජනයට සවන් දුන්නේ ය. ශෙන් ස'චුආන් ස්නානය කිරීම සඳහා අතරමඟදි මේසයෙන් පිටව ගියේ ය. ෂ්‍යාඕ චීයේ ඔහුගේ බත් භාජනය අවසන් කර වෙනත් කිසිදු උදව්වක් නෙඉෙල්ලමින් මද වෙලාවක් හහසුන්ගෙන සිටියේ ය. “ගූ ජින් ගේ තුවලෙය කොහොමද?” හේ විමසුවේ ය. “චංජෞ කඳවුරෙන් පිටවුනාට පස
මේ සියල්ල රසික පරිවර්තන වේ. 🔴 උපුටා ගැනීම තහනම්.