Skip to main content

Posts

Showing posts from August, 2024

එකසිය පහළොස්වන පරිච්ඡේදය : දෛවය

    එක මත එක පැටවෙමින් රාජකීය ආරක්ෂයන්ගේ තල ඔවුන් පසුපසට කරන්නට සමත් වූයේ ය. ඔවුන්ගේ පාද වල පතුල් ඒ වන විට රුධිරට වැගිරීමෙන් තෙත් වී තිබුණි. තවමත් ජීවතුන්අතර සිටි කොල්ලකරුවෙකුද බිමට ඇද දමන ලදී. අවසානයක් නොවන කෑගැසීම් වලට සවන්දුන් ඔහුගේ ඇදිවත පවා තෙත් වෙන්නට විය. තලයක් ඔහුගේ ගෙල පිටුපසට තව වූයේ ය. ඔහුගේ මුව හා නාසය ගලා යන රුධිරයෙන් නැහැවී තිබුණු අතර ගලා යන කඳුළු ඔහුව සිර කරන්නට සමත් නිය. ඔහු බියෙන් මුසපත්ව හඬා වැලපෙන්නට විය., "මම දන්නේ නැ. මම ඇත්තටම දන්නේ නැ!" ඔහු භීතියෙන් කෑගැසුවේ, "මම දන්නේ නැහැ. මම ඇත්තටම දන්නේ නැහැ! " ලෙයි ජිංෂ ස්වභාවිකවම සැකසහිත පුද්ගලයෙකි , ඔහු ලුඕ කන්දේ දී තහා සැගවී සිටි ස්ථානය ඉතා රහසිගතව තබා ගෙන සිටියේ ය. ඔහුගේ විශ්වාසවන්ත සගයින් හැර වෙනත් කිසිවෙකු ඔහුගේ සැඟවුණු ස්ථානය දැන සිටියේ නැත. තන්තයි හූ තම පාවහන් වල තිබූ රුධිරය සහිත සඩ ඉවත් කර දැමුවේ ය. "ඔබ මුකුත් ම දන්නේ නැත්තං, ඔබ අපේ කාලය නාස්ති කරන්නේ ඇයි? ඔහුව ඇදගෙන යනවලා! " කොල්ලකරුවාගේ දෑත් පිටුපසට කර බැද තිබූ අතර , රාජකීය හමුදාවේ අයෙකු ඔහුව හිස ගසා දමන ස්ථානයට රැගෙන ගි

එකසිය දාහතරවන පරිච්ජෙදය : ප්‍රචණ්ඩත්වයේ ගිනිදැල්.

    මුළු දිනය පුරාවටම කුසගින්නෙන් පෙලුණු ලෙයි ජිංශ ඌරු ගාලක් එහාපස සිදගත්තේ බඳුනක්ද අතැතිවයි. ඔහු වෙහෙසින් යුතුව උපයාගත් ඒ ඉරිගු මුවට රුවාගනිමින් ගිල ගත්තේ ය. ඔහුගේ එක් යටත් සඟයෙකුද ඔහුට එහා පසින් හිදගත්තේ ය. ඔහු දිං තාඔ හා සමවයසක සිටි මඳක් සෙල්ලක්කාර පුද්ගලයෙකි. නමුත් හේ ගවයෙකු සේ ජවසම්පන්න බවක් ද ඉසිළුවේ ය. ඔහු තම ආහාර බඳුනද කෑදර ලෙස ගිලදමන්නට වූයේ ලෙයි ජිංශ අනුව යමින්. මුළුතැන්ගෙයි විවෘත වූ ජනේලයෙන් හිසක් එබුණු අතර , ඒ මිනිසා කලතන්නට ගත් හැන්දෙන් අතෙහි වූ බඳුනේ දාරයට තට්ටු කරමින් කෑගැසුවේ ය."මෙතන සුප් හොදි ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඔබලට ඒවා ඕනෙද? ඔහෙලට ඒවා ඕනෙනම්, ඉක්මනට ඉන්න තැන්වලින් පශ්චාත්බාගයත් උස්සගෙන එනවලා!" "ඔව්, ඔව්. අපිට ඒවා ඕනේ!" ලී ශ්යොං සිය මුවට රුවාගත් නූඩ්ල්ස් ස්වල්පය ගිලදමා අහවර වන්නටත් පෙර ජනේලය වෙතට දිවයමින් සිටියේ ය. ඔහු සිය බඳුන භාජනය වෙතට ලං කරද්දී ඔහුගේ අතෙහි පිටි අත්ලෙන් මුව පිසදැමුවේ ය. ඔහුගේ දෑස් පැහැදිලි ලෙස පෙනුනු සුප් බදුනෙන් කිසි විටෙකත් ඉවතට නොගියේ ය. "ඔබට හොදටම බඩගිනි වෙලා නේ." සූපවේදියා භාජනයේ පතුලද සූරා දැම

එකසිය දහතුන්වන පරිච්ජේදය. : නැවත හමු වීම.

  ආලින්දයෙහි දෙපා එකමත තබාගත් දිං තාඔ , පළතුරු නැවතත් රිදී පළගනාව මතින් තැබුවේ ඔහු ඒවා ගණනය කරන්නාක් මෙනි. ඔහු මෙහි හිඳ ආරක්ෂා කළේ ,කිසිවෙකුටත් අසලට එන්නට ඉඩ නොතබමින්. ඒ වන විටත් පමා වී තිබුණු අතර සැන්දෑ හිරු කිරණ චීන විද්වතුන්ගේ ගසෙහි පත්‍ර වල හිඩැස්වලින් පෙරී අවුත් අංගනයේ බිතු මත කුඩා කැබලි වැනි ජායාවන් ඇති කළේ ය. ශෙන් සචුආන් අවධි වුවා පමණය. ඔහු බොහෝ වෙලාවක් ශබ්ද හගමින් නිදාගත් අතර ඒ හේතුවෙන් ඔහුගේ ඉණ සහ පිටුපස වේදනා දෙමින් තිබුණි. ඔහුට දැනුනේ දැඩි වෙහෙසකාරි බවකි. හේ දොර විවර කරද්දී , දිං තාඔ දුටු ඔහු මද වේලාවක් ව්‍යාකූල බවෙන් පෙළුණේ ය. දිං තාඔ ඔහුගේ එක් කොපුලක් කසාගත් අතර ශෙන් සචුආන් ඔහු දෙස බැලූ ආකාරයට ඔහුට අපහසුකාරි බවක් හැගුනි. හේ හස්තයේ තබාගෙන සිටි පළතුර ඔහුගේ පිටුපසට කරගෙන වහා විමසන්නට විය. "තරුණ ස්වාමීනි රා-රාත්‍රී ආහාරයද?" බැරෑඩි හඬකින් අසන්නට පෙර ශෙන් සචුආන් දොරට වාරු වී මද වේලාවක් සිටගෙන සිටියේ ය. "...දැන් වෙලාව කීයට විතර ඇද්ද?" "දැන් යෞ වෙනි පැයයි." දොං තාඔ අද පුදුමසහගත අයුරින් පරික්ෂාකාරි වී සිටියේ ය, ඔහු ඉක්මනින් පිළිතුරු දුන්න