ලෙයි චංමිං චාජෞ වල අයෙකි. ඔහුගේ මුල් කාලයේදී , ඔහු අනිත් අය සමග සන්නද්ධ පරිවාරක භටයෙකු ලෙස වැඩ කළේ ය. ඔහු කිසි දිනෙක පාසල් ගොස් ඉගෙනගෙන නොතිබුණි. යොංයී පාලන සමයේදී , දුැාන්ජෞ හී බාබල සේනාංකයේ අණදෙන නිලදාරියා ඔහුගේ බාල සොහොයුරියව උප භාර්යාවක් ලෙස රැගෙන ගිය අතර , ඇය අණදෙන නිළදරයාගේ නිවසෙහි සියළුම අනුග්‍රහයන් ලබා ගත්තා ය. මේ හේතුවෙන්, ලෙයි චංමිං යම්තාක් කාලයක් සැපපහසු ජීවිතයක් ගත කළ අතර මුළු දිනය පුරාම සූදු පොලවල්හි ගත කළේ ය. ඒ සැප පහසු ජීවිතය වැඩි කල් නොපැවතුනේ ය. දුආන්ජෞ හී අණදෙන නිළදරයා එතරම් කැප වෙමින් වැඩකල පුද්ගලයෙකු නොවූ අතර හේ වසර කිහිපයකින්ම ලෙයි චංමිංගේ බාල සොහොයුරිය ප්‍රතික්ෂේප කළා ය. ඔහු ගෙවීය යුතු ණය පියවන්න කිසිවෙක් නොසිටියේ ය. ඉතිං , ලෙයි චංමිංට නැවතත් පරිවාර සේවා භටයෙක් ලෙස වැඩ කරන්න සිදු වූයේ ය. යොංයී පාලන සමය අවසානයේ දී , ලෙයි චංමිංට හේජෞ යැන් වංශය මගින් රැකියාවක් ලැබුණි. තම ගමන අතරතුර , ඔහු කොල්ලකරුවන් සමඟ සටන් කිරීමට සහ යැන් වංශයේ ලාබාලතම තරුණ ස්වාමියා වන යැන් හේරු ආරක්ෂා කිරීමට තම ජීවිතය පරදුවට තැබීය. එහි පුථිපලයක් ලෙස , ඔහු යැන් වංශයේ කුසල් පොතට ඇතුලත් විය. ෂිය