ශෙන් ස’චුආන් ජාඔ සූයි පන්සලේදී චී හුයිලියන්ගෙන් ඔහුගේ මුළු ජීවතය පුරාම ලද දැනුම් සම්භාරය ලබාගෙන තිබුණි. හය වසරකට පෙර , ඔහු චී හුයිලියන් ගේ දෙපා අසල දණ නමද්දී , ඔහු ඒවන විටත් තමා ගන්නට යන මාර්ගය ගැන හොඳින් දැන් සිටියේ ය. ඒ වේදනාව සහ සාංකාව ඔහුගේ ශරීරයත් ආතමයෙත් ගැඹුරටම කිඳාබැස තිබුණු හෙයිනි. හේ වරෙක නිර්ලජ්ජිත ලෙස, බලය සහ සමතුලිතතාවන් මගින් වංශවත් නිකායන් වල සීමාවන් මුලිනුපුටා දැමීය හැකියැයි සිතුවේ ය. නමුත් ඔහු අසමත් වූයේ ය . ශෙන් ස’චුආන් ඉදිරිපස බැලුවේ ය . ගංගාවේ ජලය ගුමු ගුමු හඬ නගමින් ගලා යන්නට වූයේ අඳුරේ ගිලී ගිය ජීවිතයක් ආපසු හැරවීය නොහැකිවාක් මෙන් ය. එය දිලිසෙන්නේ තරු පිරි අහසෙහි ජායාව එය මත පතිතවන බැවිනි. ඔහු විජිණිපතෙන් කුඩා පහරක් ගසා එය මන්දගාමි ලෙස විවර කළේය. ඉන්පසු එය නැවත එලෙසම හකුලා දැමුවේ ය . ඔහු පවසන්නට විය. “ මම චූදු වලින් පිටවෙලා ආවා , ඒත් මම තාමත් කුඩුවක හිරවෙලා. මේ මම මගේ අවස්ථාව ගත්තට ලැබුණු දඩුවමක් . මම පුළුවන් තරම් ඉක්මනින් අළුත් මාර්ගයක් හොයා ගන්න ඕනේ . ඇදුරුතුමා ඔහුගේ ජීවිතකාලේ පුරාම මාව විශ්වාස කළා . මම ඔහුට එක වරක් පොරොන්දු වුණා මේ සටනේ අවසානය වෙනකල්ම