වෙයි හුඅන්ගූ නඩු විභාගය සදහා බන්ධනාගාරයට යැවූ අතර ජුඒශි හී පළාත් පරිපාලන නියෝජ්‍ය යැං චෙංවද රාජකීය ආරක්ෂකයන් විසින් අතඩංගුවට ගෙන බන්ධනාගාරයට ගෙන එන ලදී. මෙය තියැන්චෙන් ගේ වසරේ වූ විශාල නඬුවක් වන අතර මුළු රාජකීය සභාවත් හමුදා අමාත්‍යවරුත් ඒ දෙස බලා සිටියහ. ශෙන් ස’චුආන් ඉතා වේගයෙන් ක්‍රියාත්මක විය. යැන් චෙන් විසින් ඉදිරිපත් කළ පාපොච්ජාරණයෙන් හේ වෙයි හුඅන්ගූ විසින් ෂියන්දේ ගේ සිව්වන වසරේ සිට හමුදා සැපයුම් ලාභයන් උපයාගැනීම උදෙසා විකුණා ඇති බව සොයාගත්තේ ය. ආදායම් ආමත්‍යවරයා ලෙස තම බලය පාවිච්චි කරමින් , වෙයි හුඅන්ගූ විසින් යැන් චෙන් ගෙන් හමුදා සැපයුම් හසුරවන මුවාවෙන් හමුදා සැපයුම් මිලදී ගෙන තිබුණු අතර ඉන්පසු ඔහු ඒවා වැඩි මිලකට ෂී හොංෂුආන්ට විකුණු අතර ඔහු මේ හමුදාමය ධාන්‍ය ගොඩබිමින් හා මුහුදෙන් ජොංබෝ හී ප්‍රාන්ත සයටත් , ෂූහයි වලටත් ආනයනය කර එයින් විශාල මුදලක් උපයාගත්තේ ය. මේ ආකාරයෙන් ඔහු ජුඒෂි හී නඟර දහතුනෙහි විසූ සාමාන්‍ය ජනයාගේ කෙත් වතු වලට ඉඩම් බදු ද එකතු කරමින් පීඩාවට පත් කරමින් බෙදා හැරියේ ය. “ඔබ මේ තරම් කාලයක් තිස්සේ මේක කරනවනම් , ඇයි ඔබ මේ වතාවේ වේගවත් වාර්ථා හරහා වෙයි හුඅයිගූට ඒ ග
මේ සියල්ල රසික පරිවර්තන වේ. 🔴 උපුටා ගැනීම තහනම්.