හුආ ශියැංයී සහ චී ශීයුගේ විවාහ මංගල්‍යය සිව්වන මාසයේ අස්වනු හටගන්නා කාලය ආසන්නයේ පැවැත්වීමට නියමිත කර තිබුණි. චාරිත්‍ර වාරිත්‍ර අමාත්‍යාංශය විසින් සකස් කරන ලද ක්‍රියාවලිය දැනටමත් අධිරාජිනිය වෙත ඉදිරිපත් කර තිබුණි. මාලිගාවේ අභ්‍යන්තර කටයුතු බහුල හා සංකීර්ණ වූ නිසා එවැනි ප්‍රධාන කටයුත්තකදී ත රජයේ ප්‍රධාන කාර්යාලවලට පිරිස් හිඟය දරාගත නොහැකි විය. ෆුමන් මුලින් සිතුවේ චාරිත්‍රානුකූල මුද්‍රා තබා ගැනීමේ අධ්‍යක්ෂ තනතුර සඳහා පරිපූර්ණ අපේක්ෂකයා වනු ඇත්තේ තමා බවයි. ඔහු නපුංසක (ආවතේව නිළදර) පාසලට සහභාගී වී තිබුණු අතර , මහා ලේකම් කාර්යාලයේ සහ මිංලී ශාලාවේ කටයුතු කළමනාකරණය කිරීම භාරව සිටි ඔහුට සුදුසුකම් සහ පළපුරුද්ද මනාව පිහිටා තිබුණි. ඊට අමතරව, ඔහු වෙනුවෙන් සහතික වීමට ඔහුට ෂ්‍යාඕ චීයේ සිටියේය. ඒ නිසාම මේ දිනවල රාජකාරී කටයුතුවලට සහභාගි වීම නිසා ඔහු වඩාත් කල්පනාකාරීව හා උනන්දු සහගත ලෙස කටයුතු කළේය. අනපේක්ෂිත ලෙස, රාජකීය ආඥාව නිකුත් කරද්දී, මුද්‍රා තබා ගැනීමේ අධ්‍යක්ෂවරයා ලෙස ඔහු වෙනුවන ෆෙංචුආන් පත් කළේ ය. ෆෙංචුආන් තරුණ විය, ඔහුට කතා කිරීමට එතරම් අත්දැකීම් තිබුණේ නැත. ඔහු කිසි දිනක නපුංසක පාසලේ